FAST NEWS

24×7 Around the Globe

ලොව දැවැන්තම කොරෝනා එන්නත්කරණය ඉන්දියාවෙන් අද ඇරඹෙයි

(ෆාස්ට් නිව්ස් | ඉන්දියාව) –  ලොව දැවැන්තම කොරෝනා මර්දන එන්නත්කරණ වැඩපිළිවෙල ඉන්දියාවෙන් අද ආරම්භ වෙයි.   

අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ මූලිකත්වයෙන් පෙරවරු 10.30 ට එහි සමාරම්භක වැඩපිළිවෙල ආරම්භ කරනු ලැබීය.

පළමු අධියරේදී සෞඛ්‍ය සේවකයන් හා ප්‍රමුඛ පෙල අවධානම් සේවකයන් කෝටි 03 ක් එන්නත් කිරීමට නියමිතව ඇති අතර ,
අද දිනයේදී ස්ථාන 3000 ක එකවර එන්නත්කරණය සිදුකෙරෙනු ඇත.

ඔක්ස්ෆර්ඞ් එන්නතේ ඉන්දීය නියෝජිතායතනය සහ භාරත් බයෝටෙක් සමාගම නිපදවන ලද එන්නත් දෙක මෙලෙස එන්නත් කරනු ලබන අතර , එහිදී සෑම ස්ථානයකම පුද්ගලයන් 100 ක් එන්නත් කිරීමට නියමිතව තිබේ.