FAST NEWS

24×7 Around the Globe

රනිල්,මෛතී‍්‍ර  සටනක් ඉදිරියේදී.

ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ ජයග‍්‍රහණයට නායකත්වය ලබාදෙන බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ තමන් කිසිවිටෙකත් පක්ෂය පරාජය වීම දැකීමට අකමැති පුද්ගලයෙකු බවයි.

කඩුවෙල ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට ඊයේ (29) පස්වරුවේ එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.

පළාත් පාලන අතුරින් යහපාලනය ඉහළින්ම කි‍්‍රයාත්මක කරනු ලබන්නන් කුමන පක්ෂයක්ද යන්න ජනතාවට පෙන්වා දිය යුතු බවයි ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේ.