FAST NEWS

24×7 Around the Globe

ඇපේ අඩු කරන්න ආක්ෂා සුදාරි අධිකරණයෙන් ඉල්ලයි.

ඉන්දීය ව්‍යාපාරිකයකුගේ රුපියල් කෝටි 9 කට ආසන්න මුදලක් වංචා කළ බවට චෝදනා එල්ලව ඇති නිළියක වන ආක්ෂා සුදාරි සිය ඇප කොන්දේසි ලිහිල් කරන්නැයි ඊයේ (29) අධිකරණයෙන් ඉල්ලා සිටියාය.

දැනට ඇප මත සිටින ඇය සෑම ඉරිදාවකම රහස් පොලිසියේ පෙනී සිටිය යුතු යැයි අධිකරණය නියෝග කර ඇත.

ශ්‍රී ලංකාවේ ව්‍යාපාරයක ආයෝජනය කිරීම සඳහා ඉන්දියා ව්‍යාපාරිකයකු වන ගෝපිරාජ් කාවලන්ගිල් 2015 මැයි මාසයේදී දුන් මුදල් එසේ වංචා කර ඇතැයි කියති.

ඩුබායි එම්.බී පැට්‍රෝලියම් ආයතනයේ ගණකාධිකාරිවරයකු වන පැමිණිලිකරු වසර ගණනක් තිස්සේ සුදාරි සමඟ සමීප සබඳතා පවත්වා ඇති බව අධිකරණයේදී කියවැනි.

කෙසේවුවද ඉන්දීය ජාතිකයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නලින් ලද්දුවහෙට්ටි මහතා ඇප කෝන්දේසි ලිහිල් කිරිමට තමා විරුද්ධ බව අධිකරණයට දන්වා සිටියේය.

ඉන් ඇයට රටයාමට වුවද අවස්ථාව ලැබෙන බව ඔහු අධිකරණයට දන්වා සිටියේය.

පැමිණිල්ල නීතිපතිට වාර්තාවක් යැවීමට බලාපොරොත්තු වන හෙයින් විභාගය කල් තබන්නැයි රහස් පොලිසිය ඉල්ලා සිටියේය.

වැඩිදුර විභාගය දෙසැම්බර් 17 ට කල් තැබිණි.