FAST NEWS

24×7 Around the Globe

රටම එකවර වසන්නැයි ඉල්ලයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොරෝනා වෛරසය මේ වන විට ශ්‍රී ලංකාවේ සමාජගත වී ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි.

එනිසා රටම එකවර හුදෙකලා නොකර වෛරසය මර්දනය කළ නොහැකි යැයි එම සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පැවසීය.

අද වන විට රටේ සෑම ප්‍රදේශයකින්ම ආසාදිතයන් වාර්තා වන බවද ඔහු සඳහන් කළේය.

මේ තත්ත්වය මත ගමින් ගමට හෝ ප්‍රදේශයෙන් ප්‍රදේශය හුදකලා කර කොරෝනා රෝග ව්‍යාප්තිය පාලනය කළ නොහැකි බව ද ඔහු පැවසීය.