FAST NEWS

24×7 Around the Globe

ඉන්දුනීසියාවේ ප්‍රභල භූ කම්පනයකින් 7 ක් මරුට [PHOTOS]

(ෆාස්ට් නිව්ස් |  ඉන්දුනීසියාව) – ඉන්දුනීසියාවේ, සුලාවේසි දිවයිනේ ප්‍රබල භූ කම්පනයක් හටගෙන තිබේ.   

එම භූ කම්පනයේ ප්‍රබලත්වය මැග්නිටියුඩ් ඒකක 6.2 ක් ලෙස සටහන් වී ඇති අතර භූ කම්පනයෙන් පුද්ගලයින් 7ක් ම්යගොස් තවත් 24 දෙනෙකු තුවාල ලබා ඇති බව ඉන්දුනීසියාවේ ආපදා අවම කිරීමේ ඒජන්සිය වාර්තා කරයි.

සුලාවේසි දිවයිනේ මැජීන් නගරයේ සිට කිලෝමීටර් 06 ක් ඊසාන දෙසින් කිලෝමීටර් 10 ක් භූ අභ්‍යන්තරයේ මෙම කම්පනය හටගෙන තිබේ.

සුලාවේසි ආණ්ඩුකාර කාර්යාලය ඇතුළු ගොඩනැගිලි කිහිපයකට භූ කම්පනයෙන් හානි වී ඇති බව ද විදෙස් වාර්තා සඳහන් කරයි.

 

Reuters Graphic