එංගලන්ත ආසාදිතයාගේ මෙරට ආශ්‍රිතයින් ගැන හෙළිදරව්වක්

එංගලන්ත ආසාදිතයාගේ මෙරට ආශ්‍රිතයින් ගැන හෙළිදරව්වක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – එංගලන්තයේ වේගයෙන් පැතිරයන කොවිඩ් ප්‍රභේදය වැළඳි, එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම් සාමාජිකයාගේ මෙරට ආශ්‍රිතයින් කිසිවෙකුත් නැති බව වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානී, විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි.   

ඔහු පෙන්වා දෙන්නේ අදාළ ආසාදිත පුද්ගලයාට ප්‍රතිකාර කිරීම් සහ වෙන්කර තැබීම නිසිපරිදි සිදුවන බැවින් එම අවස්ථාවේදීවත් මෙම වෛරසය මෙරට සමාජයට ඇතුළුවීමේ අවදානමක් නොමැති බවය.

අදාළ ක්‍රිකට් ක්‍රීඩකයා මෙරට පුද්ගලයන් සමග කිසිදු ආකාරයකට හමුවීමක් හෝ ගුටීමක් සිදුව නොමැති බැවින් එම වෛරසය සමාජයට ඇතුළුවීමක් මේ අවස්ථාවේ නොදකින බව ද සුදත් සමරවීර මහතා වැඩිදුරටත් අවධාරණය කරයි.

CATEGORIES

COMMENTS

Wordpress (0)