FAST NEWS

24×7 Around the Globe

ඇමති වාසුදේව ළඟින් සිටි මැති ඇමතිවරු හඳුනා ගනී

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –   කොවිඩ් ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනුණු අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා සමඟ පාර්ලිමේන්තුවේ සමීපයේ සිටි පිරිස CCTV දර්ශන ඔස්සේ හඳුනා ගෙන තිබේ.   

ඒ අනුව වාසුදේව නානායක්කාර අමාත්‍යවරයා සභා ගැබ අසුන් ගන්නේ ආණ්ඩු පක්ෂයේ ඉදිරි පේළියේ විසිවැනි අසුනේය. ඔහුගේ දකුණු පස ආසනයක් නොමැති අතර මඳක් යාබදව නියෝජ්‍ය වේත්‍රධාරී කුෂාන් ජයරත්න අසුන්ගෙන සිටීයි.

වාසුදේව නානායක්කාර අමාත්‍යවරයාට වම්පසින් ඇමැති එස්.එම්. චන්ද්‍රසේන මහතා සහ ඔහුට වම්පසින් ඇමැති මහින්ද අමරවීර මහතා අසුන් ගෙන තිබේ.

ඉන්පසු අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ආසනයත් ඔහුට පිටුපසින් රාජ්‍ය ඇමැති නිමල් ලංසාගේ ආසනයත් ඇත.

වාසුදේව නානායක්කාර අමාත්‍යවරයාට පිටුපස අසුනේ රාජ්‍ය ඇමැති දිලුම් අමුණුගම මහකාද ඔහු අසලින් ජයන්ත සමරවීර හා විමලවීර දිසානායක යන රාජ්‍ය ඇමැතිවරුන්ද දෙදෙනාද අසුන්ගෙන සිටින බව හඳුනාගෙන තිබේ.