FAST NEWS

24×7 Around the Globe

එංගලන්තයෙන් සොයා ගත් කොවිඩ් නව ඛාණ්ඩයේ ආසාදිතයෙකු ලංකාවේත්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොවිඩ් නව ප්‍රභේදය ආසාදනය වී ඇතැයි සැකකරන රෝගියකු පළමු වරට මෙරටින් වාර්තා වී තිබේ.

නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පවසන්නේ ඔහු නව කොවිඩ් ආසාදිතයකු දැයි තහවුරු කරගැනීමට මේ වන විට පරීක්ෂණ සිදුකරන බවයි.

මෙම රෝගියා එංගලන්තයේ සිට පැමිණි අයෙකි. මෙම නව කොවිඩ් ප්‍රභේදය සම තුළින් වුවද පුද්ගලයන්ට ආසාදනය විය හැකි බවට සෞඛ්‍ය අංශ පවසයි.