FAST NEWS

24×7 Around the Globe

කොරෝනා ආසාදිත වාසු ජයටම උපන්දිනය සමරයි [PHOTOS]

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොරෝනා ආසාදිත අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පසුගිය ජනවාරි 5 වැනිදා සිය අමාත්‍යංශ පරිශ්‍රයේදී සිය උපන් දිනය දා සැලකිය යුතු පිරිසක් එක් කරගෙන සාදයක් පවත්වා තිබේ.   

රාජ්‍ය ඇමැති සනත් නිශාන්ත සහ අමාත්‍යාංශ ලේකම් ප්‍රියත් බන්දු වික්‍රම ඇතුළු නිලධාරීන් සහ අමාත්‍යංශයේ සේවක පිරිසෙන් බහුතරයක් එම උත්සවයට සහභාගි වී ඇත.

ඇමැතිවරයාගේ ෆේස්බුක් ගිණුමේ පළකර ඇති ඡායාරූපවලට අනුව තමා වෙනුවෙන් නිර්මාණය කළ කේක් කපා රාජ්‍ය ඇමැති සනත් නිශාන්තට සහ එහි සිටි පිරිසට ඇමැතිවරයා විසින් කේක් කවන ආකාරයද දක්වා තිබේ.