FAST NEWS

24×7 Around the Globe

ජනපති ට්‍රම්ප්ට එරෙහිව් දෝෂාභියෝගයක්

(ෆාස්ට් නිව්ස් | ඇමෙරිකාව) –  ජනපති ට්‍රම්ප්ට එරෙහිව දෝෂාභියෝගයක් ඉදිරිපත් කිරීමට ඩිමොක්‍රටික් පක්ෂය සැරසෙයි.

ඒ ඇමෙරිකානු පාර්ලිමේන්තුවට කඩා වැදී ජෝ බයිඩ්න්ගේ ජනාධිපති ධූරය සනාථ කිරීමේ ක්‍රියාවලිය කඩාකප්පල් කිරීම සඳහා අනුගාමිකයින් උසි ගැන්වීම හේතුවෙන් බව අවිදෙස් වාර්තා පවසයි.

අමෙරිකානු කොංග්‍රස් මණ්ඩලය සඳහා එය ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

ඒ පිළිබඳව ඡන්ද විමසීමක් හෙට(12) දිනයේම සිදුකළ හැකි බව විදෙස් වාර්තා පවසයි.

නමුත් එය සෙනෙට් මණ්ඩලයේ අනුමැතිය සඳහා කඩිනමින් යොමු නොකිරීමට ඩිමොක්‍රටික් පක්ෂය තීරණය කර ඇත.