FAST NEWS

24×7 Around the Globe

එකවරම එන්න බෑ මං එනවා- නිශාන්ත වික‍්‍රමසිංහ

හිටපු ශ‍්‍රීලන්කන් සභාපති නිශාන්ත වික‍්‍රමසිංහ වන තම සැමියා නිවසට වසර ගණනාවකින් නොපැමිණි බවත් ආගිය අතක් දන්නෙ නැති බවත් කියමින් ජනාධිපති කොමිසමේ නිලධාරීන් ගල්කිස්සේ නිවසින් ආපසු හරවා යැවීමෙන් පසු නිශාන්ත වික‍්‍රමසිංහට මේ බව සැලවී ඔහු එම නිලධාරීන් අමතා ඇති බව අද වාර්තා වුණා.
තමා සිටින්නේ විදේශගතව බවත් කොමිසම හමුවේ සාක්ෂි දීමට හෙට සිකුරාදා එන්නට එකවරම නොහැකි බවත් පෙන්වා දෙන ඔහු ඉදිරි දිනයක් ඒ සඳහා ලබාදෙන්නැයිද ඉල්ලා ඇත.
ශ‍්‍රී ලන්කන් ගුවන් සමාගමේ ආහාර සැපයුම් අංශයේ වංචාවක් පිළිබඳ කරුණු විමසීමට ඔහුව කැඳවන්නට කොමිසම කටයුතු කර තිබුණි.