FAST NEWS

24×7 Around the Globe

මගීන් 53 දෙනකු සමඟ ගුවන්යානයක් අතුරුදන්

(ෆාස්ට් නිව්ස් | ඉන්දුනීසියාව) – සිරිවිජයා ගුවන් සේවයට අයත් බෝයිං 737 වර්ගයේ මගී ගුවන් යානයක් කඩා වැටී තිබේ.

අනතුර සිදුවන අවස්ථාවේ එහි මගීන් 56 දෙනෙකු සිට ඇති බව විදෙස් වාර්තා පවසයි.

එම යානය ඉන්දුනීසියාවේ ජාකර්තා අගනුවර සිට දකුණු කලිමන්තන් ප්‍රාන්තයේ පිහිටි බෝර්නියෝ දුපත් බලා පියාසර කරමින් තිබු බව වාර්තා වේ.

ජාකර්තා අගනුවරින් ගුවන් ගතවී මිනිත්තු 05 කට පසුව මෙම ගුවන් යානය සහ ගුවන් පාළක මැදිරිය සමග පැවති සම්බන්ධතා බිඳ වැටී තිබේ.

යානයේ බවට සැකකෙරෙන සුන්බුන් මුහුදෙන් හමුවී ඇති තිබෙන අතර මේ වන විට එම ප්‍රදේශයේ විශේෂ සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක කෙරෙමින් පවති.