FAST NEWS

24×7 Around the Globe

ජනාධිපති මෛත්‍රී කොණ්ඩය බදී.

ඩිසයින් ක්‍රවුඩ් නැමති කණ්ඩායමට අයත් නිර්මාණ කරුවන් පිරිසක් විසින් ෆොටෝෂොප් තාක්ෂණය යොදාගනිමින් ලෝක නායකයන්ගේ කොණ්ඩය බැඳ සකසන ලද ඡායාරූප පෙළක් පසුගියදා මාධ්‍යට මුදාහැර තිබිණි.

මේ ඡායාරූප පෙළ සකස්වූයේ හොලිවුඩ් පුරවරයේ දක්නට ලැබෙන විවිධ කොණ්ඩා විලාසිතා අතර කොණ්ඩය බැඳීම මේ දිනවල නළුවන් අතර ජනප්‍රියත්වයට පත්වීම නිසාය.

ජනප්‍රිය නළුවන් වන ලියනාඩෝ ඩිකැප්‍රියෝ සහ ජෙරඩ් ලෙටෝද පසුගිය දිනවල එම කොණ්ඩා විලාසිතාව අනුගමනය කරන අයුරු දක්නට ලැබුණි.

කෙසේවුවද, ඩිසයින් ක්‍රවුඩ් නිර්මාණකරුවන් අනුකරණය කරමින් ශ්‍රී ලංකාවේ සිටින දක්ෂ චිත්‍රශිල්පියකු, පසුතල නිර්මාණකරුවෙකු හා ඇනිමේෂන් ශිල්පියකු වන සාලිය ලියනාරච්චි මහතා ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේද කොණ්ඩය බදින ලද ඡායාරූපයක් නිර්මාණය කර තිබේ.