FAST NEWS

24×7 Around the Globe

මැති ඇමතිවරු පොකුරකට නිරෝධායනය වන ලෙසට උපදෙස්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා හට කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් කැබිනට්, රාජ්‍ය හා නියෝජ්‍ය ඇමතිවරුන් කිහිප දෙනෙකුටම ස්වයං නිරෝධායනය වන ලෙස සෞඛ්‍ය අංශ විසින් උපදෙස් දී ඇතැයි වාර්තා වෙයි.  

දයාසිරි ජයසේකර මහතා සමගින් පළමු පෙලේ ආශ‍්‍රිතයන් වීම හේතුවෙන් මෙම පියවර ගෙන තිබේ.

එමෙන්ම එම ඇමතිවරුන් සඳහා සුදුසු පරිදි කොරෝනා පරීක්‍ෂණ සිදු කිරීමටද නියමිතව ඇත.

රාජ්‍ය අමාත්‍යවරයා මේ වන විට ප්‍රතිකාර සඳහා හික්කඩුව ප්‍රදේශයේ නිරෝධායන මධ්‍යස්ථානයක් වෙත යොමුකර ඇත.