FAST NEWS

24×7 Around the Globe

අතුරුදන්වූ ජැක් මා ගැන හෙළිදරව්වක්

(ෆාස්ට් නිව්ස් | චීනය) – අතුරුදන්වූ බව කියන ජැක් මා ගැන අද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.

ඒ ජැක් මා අතුරුදන් වීමක් හෝ රජයෙන් පැහැරගැනීමක් සිදුවී නොමැති බවටයි.

ඔහු විසින් ආණ්ඩුව විවේචනය කරමින් සිදුකළ ප්‍රකාශවලට අනතුරුව ඔහු කෙටි කලක් නිහඬව සිටීමට තීරණය කර ඇති බවද විදෙස් මාධ්‍ය වල දැක්වේ.

මේ අතර ඔහු මාධ්‍යවලට මුහුණදීමෙන් ද වැලකී සිටීමට තීරණය කර ඇති බව වාර්තා වේ.