FAST NEWS

24×7 Around the Globe

පළාගොස් සිටියදී අත්අඩංගුවට ගත් කොරෝනා රැඳවියා ගමන් කළ ප්‍රදේශ මෙන්න

(ෆාස්ට් නිව්ස් | වැලිකන්ද) – වැලිකන්ද – ගල්ලෑල්ල කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් පලාගොස් සැඟව සිටියදී අද අත්අඩංගුවට ගත් රැඳවියා බස් රථ මගින් ප්‍රදේශ කිහිපයකට ගමන් කර ඇති බව හෙළිව ඇත.   

පසුගිය 31 වනදා පලාගොස් සැඟව සිටියදී සතියකට පමණ පසු 52 හැවිරිදි මෙම පුද්ගලයා අද අත්අඩංගුවට ගනු ලැබුවේ ආරච්චිකට්ටුව – ආනවිලුන්දාව ප්‍රදේශයේදියි.

ඔහුට සැඟව සිටීමට ආධාර අනුබලදුන් පුද්ගලයෙකුද පොලිස් භාරයට ගෙන ඇත.

මෙම පුද්ගලයා බස් රථ මගින් කුරුණෑගල, නාරම්මල, කුලියාපිටිය, වැලිපැන්න සහ හලාවත ප්‍රදේශ වලට ගමන් කර ඇති බවට ද අනාවරණ වී ඇත.

ඔහු සමඟ ගල්ලෑල්ල ප්‍රතිකාර මධ්‍යස්ථානයේ සිටි පුද්ගලයින් හතරදෙනෙකු පලාගොස් තිබූ අතර, මීට පෙර එක් අයෙකු හලාවත – මාදම්පේ ප්‍රදේශයේදී සොයාගැණුනි.

ඉතිරි තුන්දෙනා සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මකයි.

මීට අමතරව , ගල්ගමුව මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී කොරෝනා ආසාදිතයෙකු අද පෙරවරුවේ පළා ගොස් ඇති අතර, ඔහු රෝහල ඉදිරිපිට වෙළඳසැලක් ආසන්නයේ සිටියදී පොලිස් භාරයට ගනු ලැබීය.