FAST NEWS

24×7 Around the Globe

සොසේජස් කන්නේ බලාගෙනයි.ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු හගවයි.

සකසන ලද මාංශ හෙවත් සැකසුම් ක්‍රියාවලියකට භාජනය කරන ලද බේකන්, සොසේජස්, හැම් වැනි මාංශමය ආහාර පිළිකා කාරක ලෙස ක්‍රියා කරන බව ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) පවසනවා. කල් ඉකුත්වීම පමා කිරීම සඳහා රසායන ද්‍රව්‍ය එක් කර සැකසූ සහ මස්වල ඇති රසය ඉස්මතු කිරීමට රස කාරක යොදන ලද හෝ දුම් අල්ලන ලද මස් වර්ග සැකසුම් ක්‍රියාවලියකට ලක් කළ මස් වර්ග ලෙස හඳුන්වයි.

ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත්කළ වාර්තාවට අනුව සැකසුම් ක්‍රියාවලියකට භාජනය කළ මස් ග්‍රෑම් පනහක් දිනකට ආහාරයට ගැනීමෙන් පිළිකා වැළඳීමේ අවදානම සියයට 18කින් ඉහළ යන බව ද පැවසෙනවා.

මස්වලට විවිධ රස කාරක එකතු කිරීම, කල් තබා ගැනීමට එක් කරන රසායන ද්‍රව්‍ය, අධික තාපයක් යටතේ මස් සැකසීම සහ බාර්බකිව් ක්‍රමයට මස් පිසීම වැනි ක්‍රියාවන් මඟින් මස් වර්ගවල පිළිකා කාරක රසායන ද්‍රව්‍ය උත්පාදනය වන බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වාදෙන්නේ.

ප්ලූටෝනියම් පිළිකා ඇතිවීමට කරන බලපෑමට සමාන බලපෑමක් සැකසුම් ක්‍රියාවලියකට භාජනය කළ මස් වර්ගවලින් ඇති කෙරේ. මස් වර්ග ආහාරයට ගැනීමෙන් ලැබෙන පෝෂණ ගුණය පිළිබඳ ද ලෝක සෞඛ්‍ය සංවිධානය සිය වාර්තාවේ කරුණු සඳහන් කර තිබේ.

රතු පැහැති මස් වර්ග බොහෝ දුරට පිළිකා කාරකයක් ලෙස ක්‍රියා කළ හැකි බවත් මේ බව තහවුරු කිරීමට තවමත් ඇත්තේ සාක්ෂි කිහිපයක් පමණක් බවත් එම සංවිධානය පවසනවා.