(ෆාස්ට් නිව්ස් | කොළඹ) – විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි නොවූ විශාල පිරිසක ව්‍යාජ ලෙස ලියාපදිංචි සහතික ලබාදෙමින් මැදපෙරදිග රටවලට යවා ඇතැයි තොරතුරු හෙළි වීමත් සමඟ ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා තිබේ.
ඒ අනුව කටුනායක ගුවන්තොටුපොළට අනුයුක්ත කර සිටි විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන් 16 දෙනකු දූෂණ චෝදනා මත එහි සේවයෙන් ඉවත් කර ඇත.
විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වූවන් ලෙසට ව්‍යාජ සහතිකයක් ලබාදීම සඳහා මෙම නිලධාරීන් එක් අයෙකුගෙන් රුපියල් ලක්ෂයක පමණ මුදලක් ලබා ගෙන තිබේ.
මේ ආකාරයට ලියාපදිංචිය නොලත් 50 දෙනකුට පමණ දිනකට හොර රහසේ ගුවන්ගත වීමට අවස්ථාව ලබා දෙන බවද හෙළිව ඇත.
ඒ අනුව දිනකට රුපියල් ලක්ෂ 50ක් පමණ උපයා ගන්නා මෙම නිලධාරීන් එම මුදල විදෙස් රැකියා නියෝජ්‍ය ආයතන සමග බෙදා ගනී.
කොවිඩ් වසංගතය පැවැතියත් ඇතැම් මැදපෙරදිග රටවලට මේ දිනවල ශ්‍රමිකයන් යවන බවත් එසේ පිටව යන අයටද මෙම නිලධාරීන් කාර්යාංශයේ ලියාපදිංචි සහතිකය ව්‍යාජ ලෙස ලබා දී ඇතැයිද අනාවරණය වී ඇත.









