FAST NEWS

24×7 Around the Globe

ඇෆ්ගනිස්තානයෙන් සිම්බාබ්වේ කණ්ඩායමට විස්සයි විස්ස ප්‍රහාරයක්.

මෑත කාලයේ විශාලතම ප්‍රගතියක් පෙන්වන ජාතික ක්‍රිකට් කණ්ඩායමක් බවට පත්ව සිටින ඇෆ්ගනිස්තාන ක්‍රිකට් කණ්ඩායම 20/20 තරගකදී සිම්බාබ්වේ කණ්ඩායම පරාජය කරන්නට සමත් විය.

පළමුව පන්දුවට පහර දුන් සිම්බාබ්වේ ක්‍රීඩකයන් ලකුණු 190 ක් රැස් කර අතර එම කණ්ඩායම වෙනුවෙන් සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ ෂේන් විලියම්ස් පන්දු 26 දී ලකුණු 54 ක් ලබා ගත්තේ පන්දුවට පහරදීමේ සාමාන්‍ය 207.69 ක් රඳවා ගනිමිනි.

රිච්මන්ඩ් මුටුම්බාමි ලකුණු 43ක් ලබා ගත් අතර දැවී ගිය සිම්බාබ්වේ කඩුලු හතෙන් දව්ලාට් සර්දාන්,ගුල්බාඩින් නයීබ් සහ අමීර් හම්සා කඩුලු දෙක බැඟින් බෙදා ගැනීමට සමත් විය.ඒ අතරින් සර්දාන්ගේ දස්කම් ඉහළ මට්ටමක පැවති අතර ඔහු සිය පිළිතුරු ඉනිමේදී නියමිත පන්දුවාර 20 නිමාවට එක් පන්දුවක් තිබියදී තරගය ජයගත් ඇෆ්ගන් ක්‍රීඩකයන් අතරින් දැවී ගියේ ක්‍රීඩකයන් පහක් පමණි.

කඩුලු 5 ක් ජයග්‍රහණයක් සටහන් කර ගනිද්දී දැවී ගිය ක්‍රීඩකයන් අතරින් දෙදෙනකුම දුවද්දී දැවී යාම ද විශේෂිත විය.

උස්මාන් ගානි ලකුණු 65 ක් ලබා ගත් අතර ඔහු හා මොහොමඩ් ශෙසාද් අතර ආරම්භක කඩුල්ල වෙනුවෙන් ලකුණු 95 ක සබඳතාවක් පැවතිණ. අනතුරුව ගුල්බාඩින් නයීබ් සෙසු වගකීම සිය උරමතට ගත් ඉනිමක් ක්‍රියාත්මක කරමින් නොදැවී ලකුණු 56 ක් ලබා ගත්තේ
ය.

පන්දුවෙන් සහ පිත්තෙන් ඇෆ්ගනිස්තාන් ජයග්‍රහණයට දායක වූ ගුල්බාඩින් නයීබ් තරගයේ වීරයා බවට නම් කෙරිණ.