FAST NEWS

24×7 Around the Globe

මැති ඇමතිවරුන්ගේ පොලිස් ආරක්‍ෂකයින් යළි පොලිස් සේවයට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – විනිශ්චයකාරවරුන්, මැති ඇමැතිවරුන් හා හිටපු ඇමැතිවරුන්ගේ ආරක්ෂාවට පමණක් යොදවා සිටින පොලිසියේ හතළිස් හතරදහසක් යළි පොලිස් සේවයට ගැනීමේ ක්‍රමවේදයක් පිළිබඳව අධ්‍යයනය යොමු වෙයි.

මහජන ආරක්ෂක ඇමැති විශ්‍රාමික රියර් අද්මිරාල් සරත් වීරසේකර පුවත්පතකට සඳහන් කර ඇත්තේ පොලිස් දෙපාර්තමේන්තුව සතු අසූදහසක පමණ පිරිසක් සිටින බවයි.

එම පිරිසෙන් තිස්හයදහසක් ප්‍රමාණයක් සාමාන්‍ය සේවයේ යොදවා සිටින බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.

මෙසේ වෙනත් සේවාවලට යෙදවූ පිරිස් යළි පොලිස් සේවයට කැඳවා ඒ වෙනුවට සිවිල් ආරක්ෂක බළකායේ පුහුණුව ලත් කණ්ඩායම් එම ස්ථානවලට යෙදවීමට සාකච්ඡා කරගෙන යන බව මහජන ආරක්ෂක ඇමැතිවරයා සඳහන් කරයි.