FAST NEWS

24×7 Around the Globe

ඉන්දියාවේ කොරෝනා එන්නත සම්බන්ධයෙන් තීරණය අද

(ෆාස්ට් නිව්ස් | ඉන්දියාව) – කොරෝනා වෛරසය සඳහා ඉන්දියාව නිපදවූ කොවැක්සින් නම් එන්නත සඳහා එරට ඖෂධ පාලක ජනරාල්වරයාගේ තීරණය අද දැනුම්දීමට නියමිතය.

ඉන්දීය මාධ්‍ය වාර්තා පැවසුවේ එම එන්නත මහජන අවශ්‍යතාව මත හදිසි අවස්ථාවලදී භාවිතයට ඉන්දීය රජය පත් කළ විශේෂ කමිටුවේ අනුමැතිය දැනටමත් ලබා දී ඇති බවයි.

එය අත්හදා බැලීම් අවස්ථා අදියර තුනෙහිදීම සාර්ථක වී ඇත.