වාග් ප්‍රහාරයෙන් පසු රනිල්- වාසු හමුවෙයි.

වාග් ප්‍රහාරයෙන් පසු රනිල්- වාසු හමුවෙයි.

පසුගියදා පාර්ලිමේන්තුවේදී තමන් අගමැති රනිල් වික‍්‍රමසිංහට එරෙහිව දැඩි ලෙස බැනවැදීම ගැන කිසිසේත්ම කණගාටු නොවන බවත් ඊටත් වඩා තද වචන තිබුණේ නම් ඒවාද පාවිච්චි කරන බවත් පාර්ලිමේන්තු මන්ත‍්‍රී වාසුදේව නානායක්කාර මහතා පවසයි.

මන්ත‍්‍රීවරයා පෙන්වා දෙන්නෙ සාමාන්‍යයෙන් පාර්ලිමේන්තුවෙ එවැනි දේවල් වන බවත් එවෙලේ තම ඉතාමත් ප‍්‍රබල කෝපයකින් පසු වූ බවයි.

ඒ ප‍්‍රකාශය ගැන කිසිකලෙක කනගාටු වෙන්නේ නෑ.මා ඒ අවස්ථාවේදී කිව්වේ පරුෂ වචන නෙමේ, ඔහුට පහර ගැසීමට කටයුතු කළ යුතු තදබල වචනයි මම පාවිච්චි කළේ. ඊටත් වඩා තද වචන තිබුණා නම් ඒවත් පාවිච්චි කරනවා.

ඔහු ඒ විදියට හැසිරුණේ. කතා කරන්න මටයි තිබුණේ අයිතිය. මටයි අවසර දුන්නේ කථානායක රීති ප‍්‍රශ්නය මතු කරන්න. එයා බලහත්කාරයෙන් මාව වාඩි කරන්න හැදුවා.

අගමැති නොවෙයි දෙවියන් වහන්සේ වුණත් පාර්ලිමේන්තුවේ රීතිවලට,සම්ප‍්‍රදායන්ට අනුව වැඩ කරන්න ඕනේ.

ඊට පස්සෙත් අගමැති මට මුණගැහුණා. අපි එකිනෙකා සමග සුහදව කතා කරන්නේ නෑනේ. අවශ්‍ය වුණොත් රාජකාරි කටයුත්තකට කතා කරනවා’ යයිද මන්ත‍්‍රිවයා කියා සිටියේය