FAST NEWS

24×7 Around the Globe

චන්ද්‍රසිරි බණ්ඩාරගේ මීළඟ අනාවැකියවත් ඇත්තක් වෙයිද?

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඉදිරියේදී මෙරටට අලුත් නායකත්වයක් ලැබෙනු ඇති බව ජ්‍යෙතිර්වේදී චන්ද්‍රසිරි බණ්ඩාර මහතා පවසයි.

එම පුද්ගලයා දැන් පවතින ආණ්ඩුවේ ඇමතිවරයෙක් ලෙස කටයුතු කරන බවත් ඔහු සිංහ ලග්න හිමියෙක් බවත් ඒ මහතා කියා සිටීයි.

ඔහු රාජපක්‍ෂ පවුලෙන් පිට අයෙක් බවත් ඔහුගේ නම දැන්ම හෙළි කරන්නේ නැතැයි ද ඔහු සඳහන් කරයි.

ඔහුගේ කේන්දරය ද තමන් ලඟ ඇතැයිද ඔහු පැවසීය.

2015 ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතා පැරදුනොත් වෙඩි තියා ගන්නා බවට තමන් පැවසූ බවත් ඒ ජ්‍යෝතිෂයෙන් දැක නොවන බවත් ඒ මහතා පැවසීය.

එසේ තමන් එදා පැවසුවේ මහින්ද රාජපක්ෂ මහතා දේශපාලනිකව ජයග්‍රහණය කරවීමට බව ද ඔහු පැවසුවේය.