FAST NEWS

24×7 Around the Globe

ඔක්ස්ෆර්ඩ් එන්නතට එංගලන්ත ඖෂධ අධිකාරියේ අනුමැතිය

(ෆාස්ට් නිව්ස් | එංගලන්තය) – එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් – ඇස්ට්‍රා සෙනෙකා කොරෝනා මර්දන එන්නත සඳහා එරට ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය හිමි වෙයි. 

එංගලන්තයේ ඔක්ස්ෆර්ඞ් සරසවියේ විද්‍යාඥයින්ගේ මූලිකත්වයෙන් නිපදවන ලද මෙම එන්නත් මිලියන 100 ක ඇණවුමක් මේ වනවිටත් ලබාදී අවසන්ය.

මිලියන 50 ක ජනතාවකට එය ලබාදීමට සැලසුම් කර ඇති බව විදෙස් වාර්තාවල දැක්වේ.

කොරෝනා වසංගතය හේතුවෙන් දැඩි බලපෑමකට ලක්ව ඇති එරට ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමේ අරමුණින් මෙම වැඩපිලිවෙල ක්‍රියාත්මක වේ.