(ෆාස්ට් නිව්ස් | කළුතර ) – අනතුරකට ලක් වූ කාන්තාවකට උදව් කරන මුවාවෙන් අතවරයට ලක් කල ත්‍රිරෝද රථ රියදුරු පිළිබඳ පුවතක් කළුතරින් වාර්තා වේ.
වයස 23 ක් වන කාන්තාව පසුගිය (27) වනදා වාද්දුව ප්‍රදේශයේ තම සේවා ස්ථානයේ සේවය නිම කර ත්‍රිරෝද රථයකින් නිවසට පැමිණෙමින් සිටි අතරමගදී නිවසට අවශ්‍ය ආහාර පාන මිලදී ගැනීම සදහා කළුතර උතුර නාගස්හන්දිය ප්‍රදේශයෙන් බැස ඇත.
ඉන් පසු ඇය නිවාස කරා පයින් ගමන් කරමින් සිටියදී ධාවනය වෙමින් තිබු ත්‍රිරෝද රථයක් ඇයව අනතුරට ලක් කරමින් පලා ගොස් තිබේ.
එම අනතුරින් සුළු තුවාල ලබා සිටි ඇයට අසල සිටි ත්‍රිරෝද රථ රියදුරකු ඉදිරිපත් වී පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයක් කරා ගෙන ගොස් ඇති අතර එහිදී වෛද්‍යවරයාගේ උපදෙස් මත ඇය නාගොඩ රෝහලට ඇතුලත් වීමට පැවසු නමුත් ඇය රෝහල් ගත නොවී පැමිණි ත්‍රිරෝද රථයෙන්ම නිවසට යාමට පිටත් වී ඇත.
පසුව නිවස කරා යාමට ත්‍රිරෝද රථ රියදුරුට පැවසු මාර්ගයේ නොව වෙනත් මාර්ගයක ඔහු රථය ධාවනය කරන බැවින් ඇය රියදුරුගෙන් ඒ පිළිබද විමසූ විට රියදුරු පවසා ඇත්තේ කෙටි මාර්ග වලින් ඉක්මනින් ඇය පැවැසූ ස්ථානයට ලගා විය හැකි බවයි.
එලෙස පවසා ඔහු ඇයව කළුතර දකුණ , කොළණිය , ප්‍රදේශයේ පාලු පාරකට ගෙන ගොස් , මන්නයක් පෙන්වා කාන්තාවට මරණ තර්ජන එල්ල කරමින් බිය ගන්වා ඇයව අතවරයට ලක් කර තිබේ.
එහිදී බියට පත්වූ කාන්තාව සැකකාර රියදුරුගේ වචනයට අවනත වී ඇති අතර ඉන් පසුව එම රියදුරා ඇයගේ දුරකතනයද රැගෙන එම ස්ථානයෙන් පලා ගොස් ඇත.
පසුව එම කාන්තාව තමාට සිදු වූ අතවරය සම්බන්දයෙන් කළුතර දකුණ පොලිසියට ගොස් පැමිණිලි කර ඇති අතර එහිදී සිද්ධිය සම්බන්දයෙන් වැඩි දුර විමර්ශන කටයුතු කළුතර උතුර පොලිස් කොට්ඨාශය වෙත බාර දී ඇත.
පසුව කළුතර උතුර පොලිසිය සිදු කල විමර්ශන වලදී සැකකරු පැය කිහිපයක් ඇතුලත අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 32 පමණ වන එක් දරු පියෙක් වන අතර ඔහු මේවනවිට රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.









