FAST NEWS

24×7 Around the Globe

තෙල් මිල යළි ඉහළට

(ෆාස්ට් නිව්ස් |  ඇමෙරිකාව) – ඇමෙරිකාවේ කොරෝනා වසංගත සහන පැකේජයට ජනපති ට්‍රම්ප් අත්සන් තැබීමෙන් පසු ඉල්ලුම ඉහළ යාමේ අපේක්ෂාවෙන් ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල ඉහළ යාමක් දක්නට ලැබෙන බව විදෙස් වාර්තා සඳහන් කරයි.   

කොරෝනා වසංගතයෙන් පීඩාවට පත්වූ අමෙරිකානුවන්ට ඩොලර් 2000 ක සහනාධාර චෙක්පතක් ලබාදීම සඳහා එරට කොංග්‍රස් මණ්ඩලයේ අනුමැතිය ද හිමිවිය.

ඒ්ත් සමග බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 51 ඉක්මවූ අතර, ඇමෙරිකානු ඩබ්ලිව්.ටී.අයි. තෙල් බැරලයක මිල ද ඩොලර් 48 කට ආසන්න වී ඇත.

ඔපෙක් සංවිධානයේ තෙල් බැරලයක සාමාන්‍ය මිල වූයේ ඩොලර් 50 යි ශත 78 ක්.