FAST NEWS

24×7 Around the Globe

නව කොරෝනා වෛරසය ඉන්දියාවටත් ව්‍යාප්ත වෙයි

(ෆාස්ට් නිව්ස් | ඉන්දියාව) – මේ වන විට සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන නව කොරෝනා වෛරස් ප්‍රභේදය දැන් ඉන්දියාවෙන් ද වාර්තා වී ඇත.   

බ්‍රිතාන්‍යයේ සිට පැමිණි පුද්ගලයන් 06 දෙනෙකු මෙලෙස නව කොරෝනා වෛරස් ප්‍රභේදය ආසාදනය වූ අය ලෙස හඳුනාගෙන ඇති බවයි ඉන්දීය මාධ්‍ය සඳහන් කළේ.

දකුණු අප්‍රිකාවෙන් සහ බ්‍රිතාන්‍යයෙන් හඳුනා ගැණුනු මෙම නව කොරෝනා වෛරස් ප්‍රභේදය 70 % ක වැඩි ආසාදන හැකියාවකින් යුක්ත බව විද්‍යාඥයන්ගේ මතය වී ඇත.

මීට අමතරව නව ප්‍රභේදය ආසාදිතයන් තිදෙනෙකු දකුණු කොරියාවෙන්ද හමුවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

ඔවුන් 03 දෙනාම පසුගිය සතියේදී ලන්ඩන් නුවර සිට පැමිණ ඇති බව එම වාර්තාවල දැක්වෙයි.

නව ප්‍රභේදය වාර්තාවීමත් සමග බ්‍රිතාන්‍ය සමග ගුවන් ගමන් අත්හිටුවීමට ද දකුණු කොරියාව පසුගිය සතියේදී පියවර ගනු ලැබීය.