FAST NEWS

24×7 Around the Globe

කතානායකවරයාත් නිරෝධායනයට යවයිද?

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කතානායක කාර්ය මණ්ඩල 10 දෙනකු සහ ආරක්ෂ නිලධාරීන් 18 දෙනෙකු නිරෝධායනයට ලක් කර තිබේ.

ඊට හේතුව වී ඇත්තේ කථානායකවරයාගේ ආරක්ෂක පෙර ගමන් රථයක රියදුරුට කොරෝනා ආසාදනය වීම හේතුවෙනි.

මෙම සියලු දෙනාගේ ජීව සාම්පල කොරෝනා පරීක්ෂණ සදහා යොමු කර ඇති අතර කතානායකවරයා නිරෝධායන වීම හෝ නොවීම එම පරීක්ෂණවල ප්‍රතිඵල මත තීරණ වීමට නියමිතය.

අද දිනයේ එම පරීක්ෂණ ප්‍රතිඵල ලැබීමට නියමිතව තිබේ.

නිරෝධායනයට ලක් වූ පිරිස අතර කථානායක නිල නිවසේ කළමනාකරවරයාද ඇතුළත්වේ.