FAST NEWS

24×7 Around the Globe

හැකරල්ලන් ලංකාවේ ගමක් ආක්‍රමණය කරයි.

හැකරල්ලන් විශාල ලෙස බෝවීම හේතුවෙන් හබරණ,පලුගස්වැව ප්‍රදේශයේ ජනතාවගේ දෛනික ජන ජිවිතයේ කටයුතුවලට බාධා එල්ල වී ඇති බව වාර්තාවේ.

මේ හේතුවෙන් හබරණ – පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ තාරකියන කන්ද ,බුබුල ,පලුගස්වැව ,හෙන්දිරියගම ,උල්පොතගම, යන ගම්මානවල ජනතාව සති කීපයක් සිට පිඩාවට පත්ව සිටින අතර මෙම සතුන් මිනිසුන්ගේ පාදවලට යටවී එම සතුන් ස්පර්ශවීම නිසා බොහෝ දෙනෙකුගේ පාදවල තුවල ඇතිව තිබේ.

පිට පිට වසර තුනක්ම ඔක්තෝම්බර් මාසයේ සිට මාස තුනක්ම මෙම සතුන්ගේ උවදුරට තමන් මුහුණ දෙන බව ඔවුහු කියති.

මේ තත්වය පිළිබඳව පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් වසන්ත කුමාරසිංහ මහතා කියා සිටියේ පසුගිය වසරවලට වඩා මෙම වසරේ පවුල් 30 -40 ක් පමණ මෙම සතුන්ගේ උවදුර නිසා පිඩාවට පත්ව සිටින බවයි. මෙම ගම්මාන නිරික්ෂණය කර කැකිරාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය දැනුවත් කල බවයි.

මෙම ආක්‍රමණය පවතින ප්‍රදේශවල නිවෙස් අවට පිරිසිදු කර තබා ගැනීමෙන් පිඩාව අවම කර ගත හැකිවනු ඇතිබවද හෙතෙම පැවසුවේය.

මේ පිළිබඳව ගන්නොරුව පලිබෝධ අංශයේ විශේෂඥයින් දෙදෙනකු මිට වසරකට පෙර මෙම සතුන්ගේ ආක්‍රමණය පිළිබඳව අධ්‍යනයක් කර තිබේ.

ප්‍රදේශයේ විලෝපිය සතුන් නොමැති නිසා නිවෙස් අවට තිබෙන පරිසරයේ අපිරිසිදුකම මත එම සතුන් බෝවීම වැඩිවී ඇත. මේ සතුන්ගේ ජිවිත කාලය දිගු වන අතර පරිසර හිතකාමී සතුන් බවද දැනුම් දී ඇත.

මෙම සතුන් මිනිසාට අප්‍රියජනක වීම, දුර්ගන්ධය ආදිය නිසා ජනතාවට ආහාර ගැනීමේ ගැටලු මතුකර ඇති බව හා වසර කීපයක සිට වර්ෂා සමයේ ආරම්භ වන පවතින මෙම ගැටලුව පිළිබඳව ආපදා කළමනාකරණ අංශ දැනුවත් කර විශේෂඥයින්ගේ සහය ලබාගෙන ස්ථිර විසදුමක් ලබාදීමට කටයුතු යොදන බව ලේකම්වරයා වැඩිදුරටත් සදහන් කළේය.