FAST NEWS

24×7 Around the Globe

රටම lockdown කරන්නැයි ඉල්ලයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොරෝනා දෙවන රැල්ලෙන් ගොඩ යාම සඳහා මුලු ලංකාවම ලොක්ඩවුන් කරන්න අනිවාර්යෙන්ම සිදුවන බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පවසයි.

දෙවැනි රැුල්ල පටන් ගත් මුල් අවස්ථාවේ ගම්පහ දිස්ත්‍රික්කය ලොක්ඩවුන් කළා නම් මෙය පාලනය කරගත හැකිව තිබූ බව ද ඔහු පෙන්වා දෙයි.

නමුත් නිසි තීන්දු නිසි වෙලාවට නොගත් නිසා රටම අනතුරේ වැටුණු බවද ඔහු චෝදනා කරයි.

ආණ්ඩුව කොරෝනා පාලනය අතහැර දමා ඇති බව තමන්ට පේන්න ඇති බවත් හැදෙන එකෙකුට හැරෙන්නත් මැරෙන එකෙකුට මැරෙන්නත් කියා අයාලේ යාමට රජය ඉඩ දී ඇති බවත් ඔහු පැවසීය.