ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ මහතා වසර ගණනාවකින් ඔහුගේ නිවසට පැමිණ නැතැයි කියමින් බරපතළ වංචා සහ දූෂණ පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිසමට පැමිණෙන ලෙස ඔහුට දැනුම් දෙමින් නිකුත් කළ නොතිසිය භාරගැනීම ඔහුගේ බිරිඳ විසින් ප්‍රතික්ෂේප කොට ඇතැයි වාර්තා වේ.
එම සමාගමේ සිදුවී ඇතැයි කියන වංචා සහ දූෂණ සිද්ධීන් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ මහතා බරපතළ වංචා සහ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට කැඳවමින් නිකුත් කළ නොතිසි භාරදීමට ගිය එම කොමිසමේ නිලධාරීන්ට වික්‍රමසිංහ මහත්මිය එලෙස පවසා තිබේ.
නිශාන්ත වික්‍රමසිංහ මහතා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ වැඩිමහල් සහෝදරයා වේ. අදාළ නොතිසි භාරදීම සඳහා කොමිසමේ විමර්ශන නිලධාරීන් ඒ මහතාගේ ගල්කිස්සේ පිහිටි නිවසට ගිය අවස්ථාවේදී සැමියා වසර ගණනාවකින් මෙම නිවසට පැමිණ නැති බව හෙළි කොට ඇති වික්‍රමසිංහ මහත්මිය සැමියා පදිංචි ස්ථානයක් පිළිබඳව තමන් නොදන්නා බවද පවසා ඇති බව ජනාධිපති පරීක්ෂණ කොමිසමේ ආරංචි මාර්ග සඳහන් කරයි.
නිශාන්ත වික්‍රමසිංහ මහතා පදිංචි ස්ථානයක්, ලිපිනයක් තමන් නොදන්නා බවද, ඔහු සමගින් කිසිදු සම්බන්ධතාවක් නොමැති බවද පවසා ඇති වික්‍රමසිංහ මහත්මිය නොතිසි භාර ගැනීම ප්‍රතික්ෂේප කොට ඇත.ඒ මහතා පදිංචි ස්ථානය සොයාගෙන කොමිසම හමුවට කැඳවමින් නිකුත් කොට ඇති නොතිසි ඔහුට භාර දීමට කටයුතු කරන බවද කොමිසමේ ප්‍රකාශකයෙක් පැවසීය.
wpengine
Website:
This is the "wpengine" admin user that our staff uses to gain access to your admin area to provide support and troubleshooting. It can only be accessed by a button in our secure log that auto generates a password and dumps that password after the staff member has logged in. We have taken extreme measures to ensure that our own user is not going to be misused to harm any of our clients sites.