FAST NEWS

24×7 Around the Globe

ඇමති පුතෙකු ගෙන්වූ සැප රියට අත්වූ ඉරණම

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මෙරටට නීති විරෝධී ලෙස ගෙන්වන ලද ලක්ෂ අටසීයක් පමණ වටිනා සුඛෝපභෝගී ජීප් රථයක් රේගුව භාරයට ගෙන තිබේ.

මෙම මෝටර් රථය ලියාපදිංචි යාමේදී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිලධාරින් විසින් ඔවුන්ගේ භාරයට ගෙන පසුව රේගුවට භාරදී තිබේ.

රේගු මාධ්‍ය ප්‍රකාශක වරයා ද මේ බව තහවුරු කළේය.

මෙම මෝටර් රථය මෙරටට ගෙන්වා ඇත්තේ පසුගිය රජයේ රාජ්‍ය ඇමතිවරයෙකුගේ පුත්‍රයෙකි.

වේරහැර මෝටර් රථ ලියාපදිංචි කිරීමේ කාර්යාලය පසුගිය සතියේ දී මෙම වාහනය ගෙන ගොස් ඇත්තේ වෙනත් අයකුගේ නමට ලියාපදිංචි කර පවරාදීමටය.

නමුත් රේගුවෙන් නිදහස් කර ගැනීමේ දී ඒ වාහනය සඳහා ලබාදෙන ලියවිල්ල තුළ තිබූ පරස්පරතා මත ලියාපදිංචි නිලධාරීන් ඒ බවට දන්වා තිබුණි.

පසුව හෙළි වී ඇත්තේ එම අත්සන් හොරට ගසා රේගුවෙන් නීතිවිරෝධීව ගෙන්වා ගත් එකක් බවයි.