FAST NEWS

24×7 Around the Globe

පාසැල් සිසුවෙකු නිසා කළුතරින් නව පොලිස් පොකුරක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – බස්නාහිර පළාත් සීමාවේ බෙන්තර දී සිදුකළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවකදී 16 හැවිරිදි පාසල් සිසුවෙකුට වෛරසය ආසාදනය වී ඇතැයි හඳුනාගත් අතර, ඔහුගේ පියා කළුතර දකුණ පොලිස් ස්ථානයේ සේවය කිරීම හේතුවෙන් එහි නිලධාරීන් 60 දෙනෙකු ද ඇන්ටිජන් පරීක්ෂාවට යොමුකර තිබේ.   

ඒ් අනුව , කොවිඩ් ආසාදිත කාන්තා නිලධාරිනියක් ඇතුළු පොලිස් නිලධාරීන් සිව්දෙනෙකු කොවිඩ් ආසාදිතයන් බවට හඳුනාගෙන ඇත.

මේ අනුව කළුතර දකුණ පොලිස් ස්ථානයේ සෙසු සියලු නිලධාරීන් අද PCR පරීක්ෂණ සඳහා යොමු කිරීමට නියමිතය.