FAST NEWS

24×7 Around the Globe

ගණිකා වෘත්තිය බෑ-පොලිස් මාධ්‍ය ප්‍රකාශක

ජීවත්වන්නට නොහැකි නිසා ගණිකා වෘත්තියේ යෙදෙන බවට කාන්තාවන් පිරිසක් මාධ්‍ය සාකච්ඡා පැවැත්වූවත් රටේ පවතින නීතියට අනුව ගණිකා වෘත්තියේ යෙදීම හෝ ගණිකා මධ්‍යස්ථානයක් පවත්වාගෙන යා නොහැකි බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

මේනිසා ගණිකා වෘත්තියේ නියැළෙන පිරිස් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන බවත්, එහිදී ජීවත්වන්නට නොහැකි නිසා ගණිකා වෘත්තියේ යෙදෙන බවට පැවසුවත් සමාවක් නොලැබෙන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී නීතිඥ පොලිස් මාධ්‍ය ප්‍රකාශකමහතා සඳහන් කළේය.

ගණිකා නිවාස ආඥාපනත යටතේ ගණිකා නිවාසයක් කළමනාකරණය කිරීම, ආධාර අනුබල දීම වරදක් බවත්, කාන්තාවන් වීදියේ අයාලේ යනවා නම් අයාල ආඥාපනතට අනුව එයත් වරදක් බවද ඒ මහතා පවසා සිටියේය.

මෙම ආඥා පනත්වලට අමතරව දණ්ඩ නීති සංග්‍රහයට එක්වූ සංශෝධනයකට අනුව බාල වයස්කරුවෙකු ගණිකා වෘත්තියේ යෙදවීම හා බලහත්කාරයෙන් ගණිකා වෘත්තියේ යෙදවීම සපුරා තහනම් බවත්, එවැනි කටයුතු සිදුකරන අයට, තැනැත්තන් වෙළෙඳාම කිරීම යටතේ මහ අධිකරණයේ නඩු පැවරිය හැකි බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා අවධාරණය කළේය.