FAST NEWS

24×7 Around the Globe

මෙතෙක් කල් හෙළි නොවූ කොරෝනා එන්නත්වල මිල ගණන්

(ෆාස්ට් නිව්ස් | යුරෝපය) – කොරෝනා වෛරසයට සාර්ථක එන්නත් කිහිපයක් මිල ගණන් මෙතෙක් අදාළ සමාගම් විසින් හෙළිදරව් කර නොතිබුණත් , යුරෝපා සංගමයේ එම එන්නත් මිලදී ගැනීමට අදාළ ලේඛණයක් උපුටා දක්වමින් බෙල්ජියමේ කණිෂ්ඨ අමාත්‍යවරයෙකු අදාළ මිල ගණන් හෙළිකර තිබුණි.   

මෙලෙස හෙළිදරව් වී ඇති පරිදි බ්‍රිතාන්‍ය ඇස්ට්‍රා සෙනෙකා එන්නත යුරෝ 1 යි 78 කට මිල කර ඇති අතර, ජොන්සන් ඇන්ඩ් ජොන්සන් එන්නත අලෙවි කරනු ඇත්තේ අමෙරිකානු ඩොලර් 8 යි 50 කටයි.

සෙනෝෆි-ග්ලැක්සෝ ස්මිත්ක්ලයින් එන්නත යුරෝ 7 යි 56 කට මිල කර ඇති අතර, කියෝවැක් එන්නත මිල කර ඇත්තේ යුරෝ 10 කටයි.

බෙහෙවින් සාර්ථක ප්‍රතිඵල අත්කරදෙන බව තහවුරු වූ ෆයිසර් බයෝඑන්ටෙක් එන්නත යුරෝ 12 කට මිල කර ඇති අතර, අමෙරිකානු මොඩර්නා එන්නත ඩොලර් 18 කට මිල කර තිබෙනවා.

ඒ අනුව වැඩිම මිල සහිත මොඩර්නා එන්නතක සැබෑ වෙළඳපොල මිල වන්නේ ශ්‍රී ලංකා මුදලින් රුපියල් 3420 ක්.