(ෆාස්ට් නිව්ස් | ප්‍රංශය) – ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රෝන් ට කොවිඩ් වෛරසය වැළඳී තිබේ.
විදෙස් වාර්තා පැවසුවේ රෝග ලක්ෂණ පහළ වීමෙන් පසුව 42 හැවිරිදි ප්‍රංශ ජනාධිපතිවරයා පරීක්ෂණයකට භාජනය වී ඇති අතර එහිදී ඔහු ආසාදිතයෙක් බව තහවුරු වී ඇත.
ඒ අනුව ඔහු දින 7ක් ස්වයං නිරෝධායනය ට යොමු වී තිබේ.
ප්‍රංශ ජනාධිපතිවරයා පසුගිය සති අන්තයේ යුරෝපා සංගම් සමුළුවට සහභාගී වූ අතර විශේෂයෙන් ජර්මානු චාන්සලර් ඇන්ජෙලා මර්කෙල් සමඟ ද්විපාර්ශ්වික රැස්වීමක් පැවැත්වීය.
ඔහු බදාදා පෘතුගීසි අග්‍රාමාත්‍යවරයා හමුවිය.
මේ අතර ලබන සතියේ පැවැත්වීමට නියමිත ප්‍රංශ ජනාධිපතිවරයාගේ ලෙබනන් සංචාරය අවලංගු කර තිබේ.









