FAST NEWS

24×7 Around the Globe

මේ වසරේ ජපානය මුහුණ දෙන දෙවන වසංගතයටත් මුහුණ දෙයි

(ෆාස්ට් නිව්ස් | ජපානය) – ජපානයේ, ඔකයාමා ප්‍රාන්තයේ ගොවිපළක් ආශ්‍රිතව කුරුලු උණ රෝගී තත්ත්වයක් සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බව වාර්තා වේ.   

එය මෙම වසරේ මුහුණ දුන් දරුණුතම කුරුලු උණ රෝගී තත්ත්වය ලෙස ප්‍රාන්ත බලධාරීන් විසින් හඳුන්වා දී ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

මේ වන විට මෙම තත්ත්වය ප්‍රාන්ත 6 ක් පුරා පැතිර ගොස් තිබේ.

කුරුලු උණ තත්ත්වය ව්‍යාප්ත වීම පාලනය කිරීමේ අරමුණින් එම ගොවිපළේ කුකුලන් 640,000ක පමණ ප්‍රමාණයක් විනාශ කිරීමට පියවර ගෙන තිබේ.

ඔකයාමා ප්‍රාන්තයෙන් කුරුලු උණ රෝගී තත්ත්වයක් වාර්තා වූ පළමු අවස්ථාව මෙය වන බව ප්‍රාන්ත බලධාරීන් පවසයි.

එරට වෙසෙන ජනතාවට කුකුල් මස් භාවිතයේදී ඉතා සැලකිලිමත්වන ලෙසද සඳහන් කරයි.