FAST NEWS

24×7 Around the Globe

ගුටි කෙළියකින් අවසන් වූ අයවැය සාදය

(ෆාස්ට් නිව්ස් | අනුරාධපුරය) – 2021 වසර සඳහා වූ අයවැය ජයග්‍රහණය කිරීමේ සතුට වෙනුවෙන් මිහින්තලය පොලිස් වසමේ පිහිටීම නිවාඩු නිකේතනයක සාදයක් පවත්වා තිබේ.

මෙම මත්පැන් සාදය අවසානයේ එය ගුටිබැට හුවමාරුවක් බවට පරිවර්තනය වූ බව වාර්තා වේ.

මෙම මත්පැන් සාදය පවත්වා ඇත්තේ ප්‍රාදේශීය සභා සභාපතිවරයකු ඇතුළු මන්ත්‍රීවරු 8 දෙනෙක් සහ තවත් නිලධාරීන් කීප දෙනෙකි.

සාදය මැද ඇතිවූ ගුටිබැට හුවමාරුවක් අතරතුර මන්ත්‍රීවරයකුගේ හිසට තුවාල වීමක් සමග සාදය අවසන් කර තිබේ.

ගුටිබැට හුවමාරුව මැද මන්ත්‍රීවරයකු නාන තටාකයට ඇද වැටී හිස වැදීමෙන් තුවාල සිදුව ඇත.