FAST NEWS

24×7 Around the Globe

එවරස්ට් කන්ද තවත් උස යයි

(ෆාස්ට් නිව්ස් | චීනය) – ලොව උසම කන්ද ලෙස සැළකෙන එවරස්ට් කන්ද නිල වශයෙන් ගණනය කළ ප්‍රමාණයට වඩා තවත් මීටර් 0.86 ක් උස බව නේපාලය සහ චීනය ප්‍රකාශ කර ඇති බව විදේශ මාධ්‍ය වාර්තා පවසයි.   

චීනය සහ නේපාල දේශසීමාවේ පිහිටි එවරස්ට් කන්දට එම රටවල් දෙක තුලින්ම පිවිසුම් මාර්ග පවතියි.

ඒ අනුව එහි නව උස වන්නේ මීටර් 8848.86 ක් නැතහොත් අඩි 29032 ක් වන අතර , එම උස නිල වශයෙන් පිළිගැනීමට රටවල් දෙකම එකඟතාව පළකර ඇතැයි විදෙස් වාර්තාවල සඳහන්.