FAST NEWS

24×7 Around the Globe

මෙරට මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තය නැංවීමට දකුණු අප්‍රිකාවේ අවධානය

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මෙරට  මැණික් සහ දියමන්ති යොදා සිදු කෙරෙන ස්වර්ණාභරණ නිෂ්පාදනයට සහය ලබාදීම කෙරෙහි දකුණු අප්‍රිකාවේ අවධානය යොමුව තිබේ.

එහිදී මෙම නිෂ්පාදන කටයුතු සඳහා මෙරට තාක්ෂණය හා ශිල්පීන් යොදාගැනීමට නියමිතය.

මෙරට දකුණු අප්‍රිකානු මහ කොමසාරිස් රොබීනා පී. මාර්කස් සහ විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන අතර පැවති හමුවකදී මේ බව සාකච්ඡා කර තිබේ.

මෙහිදී ශ්‍රී ලංකාවේ තේ සඳහා දකුණු අප්‍රිකාව තුළ වෙළඳපොලක් සකස් කර දෙන ලෙසද අමාත්‍යවරයා ඉල්ලීමක් කර ඇත.