FAST NEWS

24×7 Around the Globe

ඉන්දියාවේ හඳුනා නොගත් රෝගයකින් 140 ක් රෝහලේ

(ෆාස්ට් නිව්ස් | ඉන්දියාව) – ඉන්දියාවේ අන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයේ පැතිර යන හඳුනා නොගත් රෝගයක් සම්බන්ධයෙන් එරට සෞඛ්‍ය අංශ විමර්ශනයක් ආරම්භ කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා පවසයි.    

සති අන්තයේදී පුද්ගලයන් 140 ක් පමණ මෙම රෝගය හමුවේ රෝහල්ගත කර ඇති අතර , වලිප්පුව සහ සිහි විසඥ වීම යන රෝග ලක්ෂණ ඔවුන්ට බලපා ඇති බව වාර්තා වෙයි.

මෙම සියලු දෙනා PCR පරීක්ෂණවලට ලක් කර ඇති අතර එහිදී අනාවරණ වී ඇත්තේ ඔවුන්ට කොවිඩ් වෛරසය වැළඳී නොමැති බවයි.

මෙම රෝග ලක්ෂණ ඇතිවීමට හේතුව වායු දූෂණයක් හෝ ජල දූෂණයක් විය හැකි බවට ද අනාවැකි පළවී තිබේ.