FAST NEWS

24×7 Around the Globe

මරණීය දණ්ඩනය දුන් රැඳවියන්ට සහනයක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මරණීය දණ්ඩනය නියම කර ඇති සිරකරුවන්ට එම දඬුවම ජීවිතාන්තය තෙක් සිර දඬුවමක් බවට පත් කිරීමට තීරණය කෙරේ.

බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ ලොහාන් රත්වත්තේ මහතා පවසන්නේ මරණීය දණ්ඩනයට නියම වූ ඇතැම් රැඳවියන්ගේ ක්‍රියා කලාපය පසු කාලීනව යහපත් වීම ඊට හේතුව බවයි.

ඒ මහතා මේ බව කියා සිටියේ වැලිකඩ බන්ධනාගාරයේ නිරීක්ෂණ චාරිකාවට එක් වීමෙන් පසු මාධ්‍ය අමතමිනි.