FAST NEWS

24×7 Around the Globe

මරණ දඬුවම් විදින දුමින්ද සිල්වා නිදහස් කළ යුතුයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – දේශපාලන පළිගැනීම්වලට ලක්ව සිරගත වූවන් නීත්‍යනුකූලව වහාම නිදහස් කර ගත යුතු බව අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු පවසයි.   

පාර්ලිමේන්තුවේ අයවැය තුන්වැනි වර කියවීමේ අවස්ථාව අතරතුර ඇමැතිවරයා මෙම අදහස් පළ කළේය.

මේ රටේ හැට නම ලක්ෂයක් ජනතාව ඡන්දය ලබා දුන්නේ ආසාධාරණයට ලක්වුවන්ට සාධාරණය ඉටු කිරීමට බව ජොන්ස්ටන් ප්‍රනාන්දු මෙහිදී සඳහන් කළේය.

ඒ් අනුව මරණ දඬුවම නියම කර දැනට සිරගත කර සිටින දුමින්ද සිල්වා නිදහස් කළ යුතු බව ඔහු පවසා සිටියි.

පසුගිය පාලන සමයේ අසාධාරණයට ලක්වූවන්ට සාධාරණය කිරීම සඳහා ජනවරමක් වත්මන් රජයට හිමිවී ඇතැයිද ජොන්ස්ටන් අමාත්‍යවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේය.