FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකන් ගුවන් සේවය ලෝක සංචාරක සම්මාන උළෙලෙහී දී සම්මානයට පාත්‍රවෙයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශ්‍රී ලංකාවේ ජාතික ගුවන් සේවය වන ශ්‍රී ලංකන් ගුවන් සේවය ලෝක සංචාරක සම්මාන උළෙලෙහි දී (World Travel Awards)අඛණ්ඩව පස්වන වරටත් ඉන්දියානු සාගර කලාපය වෙත පියාසර කරන ලොව ප්‍රමුඛතම ගුවන්සේවය (‘World’s Leading Airline to the Indian Ocean’) ලෙස සම්මානයෙන් පිදුම් ලැබීය.   

මෙවර ලෝක සංචාරක සම්මාන උළෙලෙ අති උත්කර්ෂවත් අන්දමින් මොස්කව් හී දී පැවැත්විණි.

ශ්‍රී ලංකන් ගුවන් සේවය වන්වර්ල්ඩ් ගෝලීය ගුවන් සේවා සන්ධානයේ සාඩම්බර සාමාජික ගුවන් සේවයකි.

මෙම සම්මානය සංකේතවත් කරන්නේ දකුණු ආසියානු කලාපයට සහ විශේෂයෙන් ඉන්දියාවට ගුවන් සේවා පහසුකම් සැපයීම සඳහා ගුවන් සේවයේ කැපවීමයි.