FAST NEWS

24×7 Around the Globe

සඳ මත සිය ජාතික ධජය පිහිටවූ දෙවන රට බවට චීනය පත්වෙවෙයි

(ෆාස්ට් නිව්ස් | චීනය) – චීනය විසින් චන්ද්‍රයා මතුපිටට යවන ලද චැන්ග් ඊ 5 යානය විසින් මෙලෙස ජාතික කොඩිය සඳ මත ස්ථාපිත කර තිබෙන අතර , එය මේ වනවිට සඳ මතුපිටින් එක් රැස් කරගත් පාෂාණ සහ දූවිලිද සමගින් නැවතත් පෘථිවිය බලා ගමන් කරමිනුයි පවතින්නේ.   

මීට පෙර අවස්ථා 02 කදී චීනය සිය ජාතික ධජය සඳ මතුපිට පිහිටුවීමට උත්සාහ කලද එය සාර්ථක වූයේ නැත.

මීට වසර 50 කට පෙර අමෙරිකාව විසින් එම ඉලක්කය පළමු වරට ජය ගැනීමෙන් පසු එම අභියෝගය සාර්ථව ජයගත් දෙවන රට වන්නේ චීනයයි.

අමෙරිකාව විසින් සිය ජාතික ධජය චන්ද්‍රයා මත පිහිටුවන ලද්දේ 1969 වසරේ දී ඇපලෝ 11 මෙහෙයුම මගිනුයි.