FAST NEWS

24×7 Around the Globe

කාන්තා පියයුරු කුඩා කරන්නේ ඇයි?

මේ මාසය කාන්තා පියයුරු ගැන වැඩිපුර කතා කරන කාලයක්. ඒකට හේතුව ලෝකයේ බොහෝ කාන්තාවන් පිරිසක් ගොදුරු වී ඇති ව්‍යසනයක් වන පියයුරු පිළිකා පිළිබද දැනුවත් කිරීමේ මාසය ඔක්තෝම්බර් මාසය වන වන නිසයි.

එහිදී පියයුරු හේතුවෙන් පීඩාවට ලක්වෙන තවත් කාන්තාවන් පිරිසක් ගැන අප‍්‍රිකානු රටවලිනුත් තොරතුරු වාර්තා වෙනවා. කුඩා ගැහැණු දරුවන්ගේ පියයුරු වැඩිම වැලැක්වීමේ අරමුණින් කරනු ලබන පියයුරු පිළිස්සීමට සහ තෙරපීමට ලොව පුරා කාන්තාවන් මිලියන 3.8ක් ගොදුරුවී ඇති බව එකසත් ජාතීන්ගේ වාර්තාවක් පෙන්වා දෙනවා.

මෙහිදී ගිනියම් කරන ලද ගලක්, පිහියක් හෝ මිටියක් බාවිතා කරමින් පියයුරු පිළිස්සීමට හෝ තෙරපීමට ලක් කිරීම හරහා කාන්තා අංග ලක්ෂණ අඩු කර පෙන්වීමට උත්සහ ගනු ලබනවා.

සමහර මව්වරුන් මේ සඳහා ඉලාස්ටික් පටි යොදාගනු ලබන බව පැවසේ. කැමරුන්, දකුණු අප‍්‍රිකාවේ, නයිජීරියා යන රටවලින් බහුලව වාර්තා වෙන මෙම බිහිසුණු චාරිත‍්‍රයට ගොදුරුවූ බොහෝ දරුවන් මේ හිංසාවන්ට ලක් කර ඇත්තේ ඔවුන්ගේ මව්වරුන් විසිනුයි.

මෙයට හිංසාකාරී ක‍්‍රියාවට හේතුව වන්නේ පියයුරු කුඩා කිරීම හරහා ගැහැණු ළමයින් පිරිමින්ගේ ආකර්ෂණය අඩු වී ඔවුන්ට සිදුවිය හැකි ලිංගික බලහත්කාරය වැළකේයයි සිතීම සහ ගැහැණු දරුවන් විවාහයට තවමත් කාලය උදාවී නොමැති බව හඟවා වැඩි කාලයක් ඔවුනට අධ්‍යාපනය ලැබීමේ අවස්ථාව හිමිකර දීමටයි.

මෙම හිංසාකාරී ක‍්‍රියාව හේතුවෙන් ගැහැණු දරුවන් පිළිකාවලට, විවිධ අසාදන, මව් කිරි හිඟ වීමට සහ පියයුරු විකෘතිතාවයන්ට ලක්වන බව අනාවරණ වී තිබෙනවා. පියයුරු තෙරපීමට අමතරව අප‍්‍රිකානු රටවල් තුළ අංග විච්ෙඡ්දනයද බහුලව ක‍්‍රියාත්මක වෙනවා. කාන්තාවන් වෙනුවෙන් පෙනීසිටින විවිධ සංවිධාන පවසන්නේ මෙවැනි හිංසාකාරී ක‍්‍රියාවන් ගැහැණු දරුවන්ට ශාරීරිකව සමාජීයව මෙන්ම මානසිකවද හානිකර ලෙස බලපාන බවයි.