ජනාධිපති මන්දිරයේ ඇති පොළොව යට තිබෙන මන්දිරයට බඩු භාණ්ඩ ගෙන්වා ඇත්තේ ඉතාලියෙන් බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
ඔහු මේ බව පැවසූවේ ඊයේ(27) බෙලිඅත්ත, බණ්ඩරවත්ත ප්‍රදේශයේ ඉදිවන සති පොළට මුල්ගල් තැබීම වෙනුවෙන් පැවති උත්සවයකදීය.
රටේ රාජ්‍ය නායකයාගේ ආරක්ෂාවට බංකරයක් අවශ්‍ය වුවත් ඉදිකර ඇත්තේ මාලිගාවක් බවත් පොළොව යට මාලිගා හැදීමට කෝටි, ප්‍රකෝටි ගණන් වියදම් කළ යුතුද යන්න ප්‍රශ්ණයක් බවත් අමාත්‍යවරයා සදහන් කළේය.
[youtube url=”https://www.youtube.com/watch?v=ZnljsembdkQ” width=”560″ height=”315″]








