FAST NEWS

24×7 Around the Globe

උපන් ඇඳුමින් සැරසී ලෝක වාර්තාවක් තැබීමට ගත් උත්සාහයක්.

ලෝක වාර්තාවක් ඉලක්කය කර ගනිමින් කාන්තාවන් සහ පුරුෂයින් පිරිසක් නිරුවතින් රෝලකෝස්ටරයකට ගොඩ වූයේ පිළිකා රෝගීන්ගේ ශුභ සිද්ධිය සඳහා අරමුදල් එක් රැස් කිරීමේ අරමුණින්.

එම පිරිසට ඉලක්කය වෙත ළඟා වීමට නොහැකි වී ඇතිමුත් පුණ්‍යායතනය වෙනුවෙන් පවුම් දසදහසක අරමුදල් එක් රැස් කිරීමට හැකි වී තිබේ.

පිළිකා රෝගීන්ගේ ශුභ සිද්ධිය සදහා අදාළ පුන්‍යායතන අරමුදලට බැර වන සදහන්.

පුද්ගලයන් 122 ක් නිරුවතින් රෝලකෝස්ටරයට ගොඩ වීමට නියමිතව තිබූ නමුත් අවසාන මොහොතේ ඒ සඳහා ඉදිරිපත් වී ඇත්තේ 57 දෙනෙක් පමණි.

‘නන්නාදුනන පිරිසක් ඉදිරියේ ඇදුම් සියල්ල ගලවා දැමීම පහසු දෙයක් නෙවෙයි. ඒ වගේම ජාත්‍යන්තර මාධ්‍ය ඉදිරියේ. ඒ සියල්ල විඳ දරා ගෙන මෙවැනි විශාල මුදලක් රැස් කරන්න එඩිතරව ඉදිරියට පැමිණි සියලු දෙනාටම ස්තුති කරනවා’ පුණ්‍යායතනයේ සාමාජිකාවක් වන ලුසී තෝමස් පැවසුවාය.