FAST NEWS

24×7 Around the Globe

රථ වාහන තදබදයට විසදුම්.බත්තරමුල්ල දක්වා නව දුම්රිය මාර්ගයක්.

මරදාන සිට දෙමටගොඩ හරහා බත්තරමුල්ල දක්වා නව දුම්රිය මාර්ගයක් ඉදිකිරීමට අවධානය යොමුව තිබේ.

ඒ පිළිබඳ සාකච්ඡා කිහිපයක්ම පැවති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මේ වන විට ඊට අදාළ සක්‍යතා අධ්‍යයනය ආරම්භ කර ඇති බව දුම්රිය ගමනා ගමන අධිකාරී විජය සමරසිංහ මහතා පවසයි.

කාර්යාලයීය වේලාවන්වලදී දැඩි රථවාහන තදබදයක් ඇතිවීම හේතුවෙන් මෙම ප‍්‍රදේශයට දුම්රිය සේවාවක් ආරම්භ කිරීම පිළිබඳ මීට ඉහතදී ද අවධානය යොමුවූයේය. මේ සම්බන්ධයෙන් ඉල්ලීම් රැසක් ද ඉදිරිපත්වී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

දුම්රිය මාර්ගය සඳහා ඒ දෙපස ඇති ගොඩනැගිලි සහ නිවාස, ඉවත් කිරීමට සිදුවන බව ඔහු සඳහන් කරයි.වන්දි මත හිමිකරුවන් සමග සාකච්ඡා කළ හැකි නම් පමණක් මෙම ක්රියාමාර්ගය ගන්නා බවත්, එසේ කටයුතු කිරීමට නොහැකි වුවහොත් ගොඩනැගිලි වලට ඉහලින් ගමන් කරන ආකාරයට දුම්රිය මාර්ගය ඉදිකිරීමට සිදුවන බව හෙතෙම වැඩිදුරටත් පැවසුවේය.

මේ සඳහා විදුලි දුම්රියන් භාවිතා කිරීමට හැකි වන බවත්, මේ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීම ප්‍රවාහන අමාත්‍යාංශය සතුව පවතින බව හෙතෙම කියා සිටියි.