හිටපු රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශ ලේකම්වරයාගේ මඟ පෙන්වීම යටතේ ශ‍්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව ක‍්‍රියාත්මක කළ බෙල්ලන්විල ඇවිදින මංතීරුව හා ආහාර අංගණය විවෘත කිරීමේ උත්සවය සංවිධානය කිරීමට භාතිය සන්තුෂ් විසින් කරගෙන යන පෞද්ගලික සමාගමකට රුපියල් ලක්ෂ 276 ක් ගෙවා තිබේ.
2014 වසරේ සැප්තැම්බර් 9 වැනිදා පස්වරු 5.30 සිට පස්වරු 7.50 දක්වා පැය දෙක හමාරක පමණ කාලයක් තුළ පැවැති මේ උත්සවය සංවිධානය කිරීම වෙනුවෙන් මෙතරම් විශාල මුදලක් ගෙවා ඇත්තේ ෂෝටයිම් එන්ටටේන්මන්ට් පෞද්ගලික සමාගමේ භාතිය ජයකොඩි යන අයට ය.
රාජ්‍ය නායකයාගේ සහභාගිත්වයෙන් පැවැති මෙම උත්සවයට මෙතරම් විශාල මුදලක් වැය කර ඇත්තේ ප‍්‍රසම්පාදන ක‍්‍රියාවලිය අනුගමනය නොකර අදාළ කටයුත්ත ඉහත සමාගම වෙත ඍජුවම ලබා දී ඒ සඳහා අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය ද ලබා නොගෙන බව මේ සම්බන්ධව සිදු කරන ලද පරීක්ෂණයකදී අනාවරණය වී තිබේ.
වේරැස්සගහ ව්‍යාපෘතිය නමින් සිදුවූ සංවර්ධන ව්‍යාපෘතියේ බෙල්ලන්විල කොටස විවෘත කිරීමේ උත්සවය එදින සිදුවී ඇත.
මේ උත්සවයේ ආරාධිත නර්තනය සඳහා රුපියල් එක්කෝටි තිස් අට ලක්ෂ හතළිස් පන්දහසක පමණ මුදලක්ද තවත් අංගයක් සඳහා රුපියල් එක්කෝටි එකොළස් ලක්ෂයක පමණ මුදලක්ද තවත් අංගයක් සඳහා දහ අට ලක්ෂ තිස් එක් දහසක පමණ මුදලක්ද ගෙවා ඇත.
තවත් විවිධ අමතර වියදම් සඳහා රුපියල් අට ලක්ෂයකට අධික මුදලක් ද වශයෙන් සම්පූර්ණ වියදම රුපියල් දෙකෝටි හැත්තෑහය ලක්ෂ දාහතර දහස් හාරසිය හතළිහක මුදලක් මෙසේ අය කර තිබේ.
wpengine
Website:
This is the "wpengine" admin user that our staff uses to gain access to your admin area to provide support and troubleshooting. It can only be accessed by a button in our secure log that auto generates a password and dumps that password after the staff member has logged in. We have taken extreme measures to ensure that our own user is not going to be misused to harm any of our clients sites.